අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න
අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට අද (29) සිට හෙට (30) දිනය දක්වා පැය 21 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද පස්වරු 09.00 සිට හෙට පස්වරු 06.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇති.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් සඳහන්.
අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය –
කලෑත්තෑව, නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන් කුලම, යාපනය හන්දිය, බන්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම.
අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය – අනුරාධපුර 01 වන පියවර – මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය –
මිහින්තලේ ජල සම්පාදන ක්‍රමයේ කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, කිරින්දේගම, කන්නට්ටිය, සහ කුරුන්දන්කුලම.