කොළඹ – කොටුව අවට දැඩි රථවාහන තදබදයක්

කොළඹ – කොටුව ඇතුළු මාර්ග කීපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණයවී තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන විරෝධතා පාගමන ඊට හේතුව බව අප වාර්තාකරු සඳහන් කළේය.
විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගනිමින් සිටින අතර පොලීසිය විසින් ඔවුන්ගේ ගමන් මග අවහිර කරමින් පොලිස් මාර්ග බාධක යොදා ඇත.