මිලීමීටර් 100ට වැඩි තද වැසි

මිලීමීටර් 100ට වැඩි තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි.100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.

මධ්‍යම සහ ඌව පළාත් වලත් මඩකලපුව අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය

Share This