අදත් මිලිමීටර් 75ක පමණ තද වැසි

අදත් මිලිමීටර් 75ක පමණ තද වැසි

දිස්ත්‍රික්ක කිහිපයක අද (01) මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව මධ්‍යම සබරගමුව සහ ඌව හම්බන්තොට අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරු ම්සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය .

චන්දන ලක්මාල්

Share This