පළාත් කිහිපයකට පස්වරුවේදී තද වැසි

පළාත් කිහිපයකට අද (20) දිනයේත් සවස 2.00 පසුව තද වැසි ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර සහා මන්නාරම දිස්ත්‍රික්කයේ ප.ව. 2.00 පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්