Heat seeker වෙනුවට Infrared ඉලක්ක අමෙරිකාවේ නවීන යානා බිම හෙලු ඉරානයේ AD-08 Majid

AD-08 Majid: ඉරානයේ නවතම කෙටි දුර ගුවන් ආරක්ෂණ පද්ධතිය

ඉරාන ආරක්ෂක කර්මාන්තය විසින් දේශීයව නිපදවන ලද AD-08 Majid නමැති කෙටි දුර සහ අඩු උසකින් පියාසර කරන ඉලක්ක විනාශ කළ හැකි මිසයිල පද්ධතිය, පසුගියදා යුද අභ්‍යාසයක් අතරතුර ප්‍රදර්ශනය කෙරුණි. මෙය ප්‍රධාන වශයෙන්ම ඩ්‍රෝන යානා (UAVs), කෲස් මිසයිල, හෙලිකොප්ටර් සහ අනෙකුත් පහළින් පියාසර කරන ගුවන් ඉලක්ක හඳුනාගෙන විනාශ කිරීමට සැලසුම් කර ඇත.

පද්ධතියේ ප්‍රධාන ලක්ෂණ:

  • ප්‍රවාහනය: මෙම මිසයිල පද්ධතිය ඉරානයේ නිෂ්පාදිත Aras-2 4×4 උපක්‍රමික වාහනය මත සවිකර ඇති අතර, මෑතකදී එය Iveco Daily 4×4 සැහැල්ලු ට්‍රක් රථයක් මතද ප්‍රදර්ශනය විය.

  • මිසයිල බලය: මෙහි අංශක 360ක් කැරකවිය හැකි මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථානයක් ඇති අතර, එහි දෙපස මිසයිල කැනිස්ටර් 4 බැගින් (මුළු මිසයිල 8ක්) සවිකර ඇත.

  • තාක්ෂණය: මෙහි ඇති දෘශ්‍ය පද්ධතිය (Electro-optical) මගින් කිලෝමීටර 15ක් දුරින් ඇති ඉලක්ක හඳුනාගත හැකි අතර, එකවර ඉලක්ක 4කට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී.

  • මිසයිල හැකියාව: ‘Passive Imaging Infrared (IIR)’ තාක්ෂණය භාවිතා කරන මෙම මිසයිලයක බර කිලෝමීටර 75කි. එයට මීටර් 700 සිට කිලෝමීටර 8ක් දක්වා දුරකින් සහ මීටර් 20 සිට කිලෝමීටර 6ක් දක්වා උසකින් ඇති ඉලක්ක වෙත නිවැරදිව ප්‍රහාර එල්ල කළ හැකිය.

Kashef-99 රේඩාර් පද්ධතිය:

AD-08 පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා Kashef-99 රේඩාර් පද්ධතිය සමඟ ඒකාබද්ධ කළ හැකිය. මෙය කිලෝමීටර 12ක පරාසයක් සහිත, කුඩා ගුවන් යානා හඳුනාගත හැකි ත්‍රිමාණ (3D) රේඩාර් පද්ධතියකි. මෙමගින් එකවර ඉලක්ක 300ක් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.

Share This