හෙට සෞඛ්‍ය වර්ජනයක්

පෙර සැලසුම් කළ පරිදි හෙට (18) උදෑසන 7.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය පවසනවා.
ඒ, මුදල් අමාත්‍යංශයේ නිලධාරින් සමඟ සිදු කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන්.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා මේ බව කියාසිටියා.