සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි

පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සම්මේලනය හෙට(06) දියත් කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ති‌බෙනවා.

ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ, අතිකාල දීමනා සහ සහ නිවාඩු දින දීමනා ක්‍රමය අය වැය මගින් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පළ කරමින්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය අතර පැවති සාකච්ඡා පදනම් කරගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුව ඇති බව සඳහන්.

වෘත්තීය සමිති නායකයන් සම්බන්ධ කරගනිමින් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට තම ගැටලු විසඳීමට විෂය බාර අමාත්‍යවරයා එකඟතාවය පළ කළ බවයි, වෘත්ති සමිති නායකයින් ප්‍රකාශ කළේ.

තම ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසදුමක් නොදුන්නොත් මාර්තු 17 වනදායින් පසු සෞඛ්‍ය වෘත්තීය සමිති රැස්වී තීරණයක් ගන්නා බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

Share This