සැලසුමකින් තොරව රෝහල්වලට දෙන දෙන ආධාර ගැන සෞඛ්‍ය ඇමති යළිත් කතා කරයි
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහදස් පළ කළේ, සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව පසුගියදා රොහල් පාලනාධිකාරිය සමග එම රෝහල් පරිශ්‍රයේ පැවැත්වූ සාකච්ඡාවකදීයි.
විශේෂයෙන්ම නිසි සැලසුමකින් තොරව රජයේ රෝහල්වලට ගොඩනැගිලි සහ වෛද්‍ය උපකරණ අනවශ්‍ය පරිදි ලබාදීම නිරන්තරයෙන් සිදු වන බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අනතුරුව ඒවා භාවිතයට කාර්ය මණ්ඩල සපයා නොමැති බවට අමාත්‍යාංශයට බහුල ලෙස චෝදනා එල්ලවන බව ද ඔහු කියාසිටියා.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම රෝහලේ බාහිර රෝගී අංශය, අක්ෂි ප්‍රතිකාර ඒකකය, දන්ත වෛද්‍ය ඒකකය, ප්‍රාථමික සත්කාර ඒකකය, රසායනාගාර සේවා, ශල්‍ය ඒකකය, එක්ස් කිරණ සහ ඊ.සී.ජී ඒකකය ඇතුළු අංශ ගණනාවක වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී කරුණු සොයා බැලූ බව සඳහන්.
එමෙන්ම 2020 වසරේ සිට මේ දක්වා රෝහලේ කාර්ය සාධනය, රජයේ ප්‍රධාන, ඉපැයීම් සහ වියදම්, පරිත්‍යාග ලැබිම්, 2025 වසරට අදාළව වෛද්‍ය උපකරණ, ගෘහභාණ්ඩ සහ ගොඩනැගිලවලට අදාළ මුළු ඇස්තමේන්තුගත ප්‍රාග්ධන අයවැය ඇතුළු පරිපාලන කටයුතු පිළිබදව ද මෙහි දී අමාත්‍යවරයා දැඩි අවධානයකින් යුතුව කරුණු සොයා බලනු ලැබුවා.
මෙම රෝහල මගින් අඩු ආදායම්ලාභීන්ට සහ අනුමත සුදුසුකම් සපුරා ඇති සහ වකුගඩු රෝගීන්ට අක්ෂි කාචයේ සිට දැනට සපයන ප්‍රතිකාර සේවා නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් වඩා ක්‍රමවත් ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් පිළිබදව මෙහිදී අමාත්‍යවරයා සිය අදහස් ඉදිරිපත් කරනු ලැබුවා.
අක්ෂිකාච ලබාගැනීමේ වැඩපිළිවෙළ, රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම හා නඩත්තුව, භාණ්ඩාගාරය සමග සම්බන්ධ ව රෝහලට ලැබෙන පරිත්‍යාග බදුවලින් නිදහස් කර ගැනීම යන රෝහල් කළමනාකාරීත්වයේ ඉල්ලීම් ඉටුකරදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බවයි එහිදී නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ. මෙම රෝහලේ දැනට අක්‍රීයවී පවතින උපකරණ යථා තත්ත්වයට පත්කර රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවා වැඩිදියුණු කරගැනිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාදෙන බව ඔහු කියාසිටියා.
අමාත්‍යවරයා විජය කුමාරතුංග රෝහල මගින් සිදු කරන අක්ෂි සම්බන්ධ රෝග ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සේවාවන් ඇගයීමට ද ලක් කළ බව සඳහන්.
මෙහිදී කෙටිකාලීන සංවර්ධන යෝජනා සහ අදහස් පිළිබඳව ද අවධානය යොමු කළ අමාත්‍යවරයා රෝහල මගින් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් තවදුරටත් පුළුල් කර ශක්තිමත් කිරීම සදහා අමාත්‍යාංශ මට්ටමේ පුළුල් සැලැස්මක් සකස් කරන බවයි නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.