දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය ඇමති සුබ පැතුම් එක් කරයි
ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළලේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සුබපැතුම් එක් කර තිබෙනවා.
මෙම තරගාවලියේදී මීටර් 1500 සහ 400 දිගු දුර සහ කෙටි දුර දිවීමේ තරගවලින් රන් පදක්කම් දිනා ගැනීමටයි ඇය සමත් වුණේ.
එමෙන්ම දර්ශනී චන්ද්‍රරත්න මීටර් 5000 සහ 800 දිවීමේ තරගවලින් රිදී පදක්කම් දිනා ගත්තා.
එමෙන්ම මීටර් 400×4 සහාය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ මීටර් 100×4 සහාය දිවීමේ තරගයේදී ඇය ලෝකඩ පදක්කමක් දිනාගත් බව සඳහන්.
2019 වසරේ මැලේසියාවේ පැවැත්වුණ ආසියානු ප්‍රවීණයින්ගේ ක්‍රීඩා උළෙලට ද එක්ව ඇති ඇය මීටර් 800 සහ 1500 මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් රිදී පදක්කම් දිනාගත්තා.
2023 වසරේ පිලිපීනයේ මැනීලා නුවර ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට සහභාගි වී මීටර් 5000 දුර දිවීමේ තරගයෙන් රිදී පදක්කමක් සහ 400X4 සහාය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමටයි සමත් වුණේ.