අසිරිමත් නත්තල උදා වෙයි
සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්රියේදී ශ්‍රී ලංකාවට උදා වුණා.
මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා මෙලොව ජනිත වූ දේව පුත්‍රයාගේ අති රමණීය උපත සිහිකරමින් කිතුනු ජනයා නත්තල සිහිපත් කරනවා.
මානව වර්ගයාගේ ගැලවුම්කරුවා වූ ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ හෙරොද් රජ දවස බෙත්ලෙහෙමේ ගව මඩුවක ඉපිද මානව වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් අසීමිත කැප කිරීමක් සිදු කළා.
මෙවර නත්තල වෙනුවෙන් ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ, ජා ඇළ වික්ෂෝප දේව මාතා දේවස්ථානයේදීයි.
ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
කිතුනු බැතිමතුන් ඉතා උද්යෝගයෙන් දිව්‍ය පූජාවට සහභාගී වීම සඳහා පැමිණ සිටි බව සඳහන්.
සෑම දේවස්ථානයක් මෙන්ම මංමාවත් නත්තල් සැරසිලිවලින් අලංකාරවත් කර ඇති ආකාරය ද දැකගත හැකියි.
මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් ඇතුළු දිවයිනේ සෑම දේවස්ථානයක ම මැදියම් රාත්‍රී නත්තල් දේව මෙහෙයන් පැවැත්වූ අතර ඊට විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියා.
උදා වූ නත්තල ලක්වාසී ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා යැයි Monara අප ප්‍රර්ථනා කරනවා.
බයිබලයට අනුව ජේසුස් වහන්සේගේ උපත සිදු වූ බව සැලකෙන බෙත්ලෙහෙම් නගරයේ මෙවරත් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ, පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන අයුක්තියට විරෝධය පළකරමින්.
මෙම නගරය පිහිටා තිබෙන්නේ, පලස්තීන පාලනයේ ඇති බටහිර ඉවුරේයි.
වර්ෂ අවාසනයේ යෙදෙන නිවාඩුව ගත කිරීමට බොහෝ විදේශීකයක් බෙත්ලෙහෙම් නගරයට පැමිණෙන බව සඳහන්.
කෙසේවෙතත් මෙරව එම නගර පාළු ස්වරූපයක් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.