හැටන් බස්රථ අනතුරේ රියදුරු යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හැටන් පෞද්ගලික බස් රථ අනතුරේ රියදුරා අද (26) දින හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ ඔහුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහෙස්ත්රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කළා.
අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්රික් ප්රධාන මොටර්රථ පරීක්ෂකවරයා සහ හැටන් පොලීසිය විසින් සිදු කරන ලද විමර්ෂණ සම්බන්ධයෙන් අද දින අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ යළිත් සැකකරුවන් ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ඒ අනුව හැටන් පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ මහෙස්ත්රාත්වරයා සැකකරු යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය නව තිස්පනේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙක්.
ඉකුත් 21 දින හැටන් සිට මහනුවර දක්වා සැකකරු විසින් ධාවනය කල පෞද්ගලික බස් රථය හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්රදේශයෙන් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් තිදෙනෙකු මියගොස් තවත් පනස් දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබුවා.
රෝහල් ගත කල තුවාලකරුවන්ගෙන් 15 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහලේ සහ නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබුණු බව සඳහන්.