සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේදී ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකුට නිදහස

සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේදී ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකුට නිදහස

දෝහා හි සාකච්ඡාකරුවන් විසින් මෙහෙයවූ සටන් විරාම ගිවිසුමක පළමු අදියරේදී හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායල නිලධාරීන් පවසනවා.

ඊශ්‍රායල-හමාස් යුද්ධයේ සටන් විරාමයක් පෙනෙන්නට ඇති බවට මෙය මාස ගණනාවකට පසු ලැබුණු පළමු ධනාත්මක ලකුණ බවයි සී එන් එන් පවත් සේවය වාර්තා කරන්නේ.

මැද පෙරදිග අස්ථාවර කර ගාසා තීරය විනාශ කළ මාස 15 ක සටන් නැවැත්වීමට, පලස්තීන ප්‍රදේශයට වැඩි ආධාර ලබා දීමට සහ 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට පහර දීමෙන් පසු හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නැවත පැමිණීම සහතික කිරීමට ගිවිසුමක් ඉක්මනින් ප්‍රකාශයට පත් කළ හැකි බවට මේ වන විට නිලධාරීන් ශුභවාදී අදහස් පළ කර තිබෙනවා.

ඊශ්‍රායල රජයට පවසන්නේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් 251 දෙනාගෙන් 34 දෙනෙකු මියගොස් ඇති බවයි.

ගිවිසුමේ පළමු අදියරේදී නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් 33 දෙනාගෙන් වැඩි දෙනෙක් ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායලය පවසන අතර, නමුත් මියගිය අයගේ සිරුරු ද නිදහස් කරන අය අතර වනු ඇතැයි ඊශ්‍රායල විශ්වාස කරන බව සඳහන්.

ඊශ්‍රායල-හමාස් යුද්ධයේ සටන් විරාමයේ පළමු අදියර දින 42 ක ආරම්භක සටන් විරාමයක් යටතේ සිදුවනු ඇති.

Share This