ධනාත්මක දේවල් එක්ක ජීවිතේ ගෙවන්න gratitude journal
හැමෝම කැමති හැම දවසක්ම ලස්සන වෙනවට. මේ උදා වුණු 2025 නව වසරේ, හැමෝගෙම ලොකුම බලාපොරොත්තුව තමයි ඒක.
ලෝකය ධනාත්මක දේවල්වලින් පිරුණේ නැති වුණත් තමන්ගේ ජීවිතය ධනාත්මක විදියට ගෙවන්න ඕනම කෙනෙක් කැමති.
ඉතින්, දවසේ හොඳ දේවල් ගැන දවස අවසානයේ ලියන්න පුරුදු වුණොත් ඔබට යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්.
එහෙම ලියන එකට කියන්නේ gratitude journal කියලා.
gratitude journal කියන්නේ ඔයා ඔයාගේ ජීවිතයේ අගය කරන දේවල්වලට ස්තූතිවන්ත වෙලා හැම දවසකම පොතක සටහනක් ලියන එක.
ඒ මඟින් තමන්ට තියෙන ආතතිය මඟහරවා ගන්න වුණත් පුළුවන්.
ඒක තමන්ගේ යහපැවැත්ම වැඩි දියුණු කරගන්න ගොඩක් ප්රයෝජනවත් වෙනවා.
මේ සඳහා ලස්සන පොතක් එහෙමත් නැත්තම් ඩයරියක් වුණත් යොදාගන්න පුළුවන්.
ධනාත්මක දේවල් විතරක්ම ඒ පොතේ ලියන එක තමයි ගොඩක් වැදගත්.
එහෙනම් අද ඉදන්ම මේ gratitude journal එක ලියන්න පටන් ගත්තොත් ඔයාටත් නොදැනිම ධනාත්මක සිතුවිලි එක්ක හැමදාම ලස්සන දවස් ගෙවන්න පුළුවන් වේවි.