පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඉතා කඩිනමින්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඉතා කඩිනමින්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉතා කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරින අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම සම්බන්ධයෙන් පැවැති අධිකරණ ක්‍රියාමාර්ගය හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අත්හිටුවීමට සිදු වුණා.

ඊට අදාළ තීන්දුව සති දෙකකට පෙර ලැබුණු බවත් මේ වනවිට එම ඇගයීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළා.

Share This