උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ විභාග කටයුතු අත්හිටුවයි
උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම්දෙනතුරු අවලංගු කර තිබෙනවා.
ඒ, සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියක් හේතුවෙන්.
අද (06) පැවැත්වීමට නියමිතව තිබූ විභාග ප්‍රශ්නය පත්‍රය අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උපකාරක පන්තිවල පසුගිය ඉරිදා දින සිසුන්ට ලබාදී ඇති බවයි, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත මහතා අනාවරණ කළේ.