අභ්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි
මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.
මේ වන විට සංචාරකයින්ගේ පැමිණීම ශ්රීඝ්රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමට ද තීරණය වුණා.
දැනට පවතින ඇතුලුවීමේ කවුන්ටර (check – in counters) 20 ක ප්‍රමාණයක් වත් එකතු විය යුතු බවට තීරණය වු අතර ඒ සඳහා අවශ්‍ය ස්ථාන නීරික්ෂණ සිදු කළ බව සඳහන්.
තව ද පහසුකම් වැඩිදියුණු කර වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට ද මෙරට ගුවන්තොටුපොළට ආරාධනා කරන්නට තීරණය කර තිබෙනවා.
වසරකට මිලියන 12ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරන බව ඊට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබාදී ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කළේ.