''කසුන්ටත් මටත් ඔයාගේ මේ විශේෂ දවස කිසිදා අමතක නොවන ලෙස විශේෂයි ! '': ශලාගේ මංගල්ලය මාධවීට විශේෂ වුණු හේතුව
තවමත් කාගෙත් උණුසුම් මාතෘකාව වෙලා තියෙන්නෙ ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහ මංගල උත්සවය.
කලා තරු රැසක් සහභාගී වුණු ඊට මාධවී - කසුන් යුවළත් සහභාගී වෙලා තිබුණා. දෙන්නගෙ අපූරු සේයා රූ එකතුවකුත් අපිට දකින්න ලැබුණා.
ඒ කොහොම නමුත් ශලාගේ විවාහ උත්සවය මාධවී - කසුන් දෙන්නට විශේෂ මොහොතක් කියලයි මාධවී කියන්නෙ.
බලන්නකො මොකක්ද ඒකට හේතුව කියලා...
''ජය මංගලම්!!!
Happy wedded life @shalani.live
මේ විචිත්‍ර මංගල උත්සවය අපි දෙන්නා සහභාගි වන පළමු මංගල උත්සවය නිසා
කසුන්ටත් @kasunmahendra මටත් ඔයාගේ මේ විශේෂ දවස කිසිදා අමතක නොවන ලෙස විශේෂයි ! ''