“ඔබේ නගරයටත් ඔසුසලක් ” – සෞඛ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

“ඔබේ නගරයටත් ඔසුසලක් ” – සෞඛ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මෙරට ස්ථාපිත පළමුවන සහ පැරණිතම රාජ්‍ය ඔසුසල වන කොළඹ 07, ස්ථාපිත රාජ්‍ය ඔසුසලට වසර 51 පිරීම නිමිත්තෙන්  එම පරිශ්‍රයේ  පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.

කෙසේ වෙතත් ඉදිරියේදී එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

එහිදී  “ඔබේ නගරයටත් ඔසුසලක් ” ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය ඔසුසල් නොමැති නගරවල කඩිනමින් රාජ්‍ය ඔසුසල් ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන බවයි එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කොළඹ 07, රාජ්‍ය ඔසුසල් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයක නිරත වූ බව සඳහන්.

ඔසුසල මගින් ජනතාවට සිඳු කෙරෙන කාර්යභාරය, එහි ස්ථාපිත නවීන රසායනාගාරය මෙන් ම රාජ්‍ය ඔසුසලේ නව ඉදිකිරීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා එහි  නිරීක්ෂණයක ද නිරත වුණා.

වර්තමානය වන විට තමන්ගේ නගරයටත් රජ්‍ය ඔසුසලක් ලබා දෙන ලෙස ජනතාවගෙන් නිරන්තරයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතිනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක, වන වගකීමක් සහිතව සාධාරණ මිල ගණන් යටතේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ සපයන එකම රාජ්‍ය ආයතනය රාජ්‍ය ඔසුසල බව ජනතාව හඳුනාගෙන තිබීම එයට හේතුව බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ.

Share This