වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව දෙන ලද අවස්ථාවක ගනු ලබන සෙල්ෆියක් ස්ටිකරයක් ලෙස නිර්මාණය කළ හැකියි.
මේ වනවිට වට්ස්ඇප් සමාජ මාධ්‍ය මේ වනවිට ලොව පුරා බිලියන තුනකට අධික පිරිසක් භාවිත කරනු ලබනවා.
ඉන් වැඩි පිරිසක් ස්ටිකර් හරහා සංවාද සිදු කරන බව සඳහන්.
ඒ අනුවයි මෙටා සමාගම විසින් අදාළ යාවත්කාලීන කිරීම හඳුන්වාදී ඇත්තේ.