සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට සුබ ආරංචියක්

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව පවසයි.
ඒ අනුව එම කාලය පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා දීර්ඝ කර ඇත.
දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.