රන් මිල වෙනස් වුණු හැටි
අද (ජනවාරි 23) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 824,251 ක් ලෙසයි. එය ඊයේ (22) දිනයට සාපේක්ෂව 5,041 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 29,080 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,660 ක් සහ රුපියල් 25,450 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 232,600 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 213,300 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 203,600 ක් ලෙසත් සඳහන්ව තිබුණා.