රන් මිලෙහි සැලකිය යුතු පෙරළියක්
අද (ජනවාරි 17) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 806,688 ක් ලෙසයි. එය ඊයේ (16) දිනයට සාපේක්ෂව රුපියල් 9,041 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,460 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,090 ක් සහ රුපියල් 24,910 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 227,650 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 208,750 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 199,250 ක් ලෙසත් සඳහන්ව තිබුණා.