රන් මිලෙහි වැඩිවීමක් – අද මිල ගණන් මෙන්න

රන් මිලෙහි වැඩිවීමක් – අද මිල ගණන් මෙන්න

අද (ජනවාරි 21) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 809,515 ක් ලෙසයි. එය ඊයේ (20) දිනයට සාපේක්ෂව 7,930 ක වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,560 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,180 ක් සහ රුපියල් 24,990 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 228,450 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 209,450 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 199,950 ක් ලෙසත් සඳහන්ව තිබුණා.

Share This