ගෝල් මාවල්ස් හිමිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ගෝල් මාවල්ස් හිමිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

මුදලට තරග පාවාදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලංකා T10 තරගාවලි‌යේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු ලබන 18 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධානාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකුත් කළ නියෝගයකට අනුවයි.

සැකකරු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට එකඟ බව ප්‍රකාශ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

Share This