ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි 

ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි 

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් විස්සයි විස්ස ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කරනු ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මැක්ස්වෙල් ටෙස්ට් ක්‍රිකට් තරගවලින් විශ්‍රාම නොගෙන ඇති අතර ඔහු එම තරග සඳහා තෝරාගැනීමක් සිදු නොකරයි. අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව ස්ටීව් ස්මිත් එක්දින තරගවලින් සමුගත්තේය. ඔහුගේ අඩි පාරේ ගමන් කිරීමට ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

Share This