12 වැනි මහලෙන් වැටී දැරියක් ජීවිතක්ෂයට

12 වැනි මහලෙන් වැටී දැරියක් ජීවිතක්ෂයට

මහල් 24 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12වන මහලෙන් වැටී වයස අවුරුදු 16ක දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

බොරැල්ලේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඊයේ (10) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.

මෙම දැරිය වයස අවුරුදු 16ක් වූ සර්පන්ටයින් පාර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පෙලීසිය පවසන්නේ.

ඇය කලක සිට මානසික ආතතියෙන් පෙලීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටි බව ඇගේ මව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් දැරිය එම මහලේ බැල්කනියෙන් බිමට පැන ඇත්ද, නැතහොත් වැටී ඇත්ද යන්න පිලිබඳව අනාවරණය කර ගැනීම සඳහා බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරන බව සඳහන්.

Share This