රස ගුණ සපිරි ‘ඉඟුරු කේක්’

රස ගුණ සපිරි ‘ඉඟුරු කේක්’

යුරෝපීය රටවල වඩාත් ප්‍රකට, රසවත් කෑමක් තමයි ‘ඉඟුරු කේක්’ (Gingerbread cake) කියන්නෙ.

රසයෙන් වගේම ගුණයෙනුත් අනූන මේ රස කැවිල්ල කුඩා දරුවන්ටත් වඩාත් ‍යෝග්‍යයි.

ඉතින්, අද අපේ සූදානම ‘ඉඟුරු කේක්’ ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියලා ඔබට කියන්න.

අවශ්‍ය දෑ :

  • බටර් 250g
  • පිටි 500g
  • සීනි 250g
  • බේකිං සෝඩා මේසහැඳි 3 ½
  • බිත්තර 8
  • නැවුම් ඉඟුරු සාරය මේස හැඳි 8 (ඉඟුරු දෝසි 100g)
  • වියළි මිදි
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • වැනිලා තේ හැඳි 04
  • ජලය (අවශ්‍ය පමණ)

සාදන ක්‍රමය :

  • සීනිවලට ජලය ස්වල්පයක් එක්කර මයික්‍රොවේව් එකේ දමා මිනිත්තු 2-3ක් පමණ රන්වන් දුඹුරු වර්ණයකට හැරෙන තෙක් ඉහළ උෂ්ණත්වයෙන් රත්කරගන්න.
  • අනතුරුව තැටිය ප්‍රවේශමෙන් අවන් එකෙන් ඉවත් කර උණු කරගත් ජලය 100ml පමණ ඊට එකතු කරන්න.
  • පසුව සීනි සම්පූර්ණයෙන්ම දියවන තුරු හොඳින් මිශ්‍ර කරන්න.
  • බඳුනකට බටර් දමා හොඳින් බීට් කරගන්න.
  • එයට ඉඟුරු සාරය, වැනිලා සහ කැරමල් සිරප් ද දමා නැවතත් බීට් කරගන්න.
  • පසුව මිල්ක්මේඩ් සහ බිත්තර දමා නැවතත් බීට් කරගන්න.
  • බේකිං සෝඩා සහ පිටි එකට මිශ්‍ර කරන්න.
  • ඉන්පසු පිටි හලාගෙන බැටර් මිශ්‍රණයට එකතු කර සුමට පදමක් එන තෙක් මද වශයෙන් බීට් කරන්න.
  • අනතුරුව ඊට වියළි මිදි ද එකතු කරගන්න.
  • බේකිං පේපර් එකක් සමඟ තැටිය සූදානම් කරගෙන මිශ්‍රණය තැටියට වත්කර ගන්න.
  • අවන් එක 160℃ උෂ්ණත්වයෙන් රත්වෙන්නට තබා මිනිත්තු 40-45ක් පමණ බේක් කරගන්න.
  • අවසානයේ මිනිත්තු 5ක් පමණ සිසිල් වෙන්නට තබා පිළිගන්වන්න.
Share This