ස්වාධීන ශ්‍රී ලංකාවක් සඳහා ජර්මනියේ අඛණ්ඩ සහය

ස්වාධීන ශ්‍රී ලංකාවක් සඳහා ජර්මනියේ අඛණ්ඩ සහය

ජර්මනියේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාව හමුවී තිබෙනවා.

ඒ, ඊයේ (19) දිනයේ දීයි.

සෞභාග්‍යමත් සහ ස්වාධීන ශ්‍රී ලංකාවක් සඳහා ජර්මනිය, අඛණ්ඩව සහාය දෙන බවට ජර්මානු තානාපතිවරයා එහිදී සහතික වී තිබෙනවා.

එමෙන්ම දෙරටේ අනාගත අපේක්ෂා ද ඇතුළුව වෘත්තීය පුහුණුව, වෙළඳාම සහ ආයෝජන, සංචාර සහ බහුපාර්ශ්වික සහයෝගිතාව වැනි දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

Share This