මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වෙන බව සඳහන්.
“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්ෂණයටද එක් වුණා.
මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනයේ සංවිධායක මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා.
මෙවර “Gem Sri Lanka – 2025” ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 103 කින් සමන්විත අතර, මේ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.