අස්වැසුම් දීමනාව ඉහළ දමන ගැසට් පත්රය නිකුත් වෙයි
දුප්පත් පවුලක් සඳහා ගෙවනු ලබන අස්වැසුම සුබසාධක දීමනාව ඉහළ දැමීමේ ගැසට් පත්රය නිකුත් කර තිබෙනවා.
ඒ, මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යංශය විසින්.
ඒ අනුව අස්වැසුම් ගෙවීම රුපියල් 8500 සිට රුපියල් 10,000 දක්වා ඉහළ යනු ඇති.
එමෙන්ම අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වා වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එහිදී සංක්රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් 5000ක් ගෙවීමට නියමිතයි.
සංක්රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය මාර්තු මස 31 දක්වා දීර්ඝ කරන බව අදාළ ගැසට් පත්රයේ සඳහන්.
ඒ අනුව 2024 මැයි මස 17 වැනි දිනැතිව නිකුත් කරන ලද අස්වැසුම සුභසාධක ගෙවීමේ යෝජනා ක්රමය අවලංගු වනු ඇති.
මේ වන විටත් ප්රතිලාභ සඳහා තේරාගෙන ඇති හා විවිධ හේතු මත ගෙවීම් සිදු කිරීම ප්රමාදව ඇති ප්රතිලාභීන්ද, අභියාචනා ඉදිරිපත් කර මේ වන විටත් විභාග කෙරෙමින් පවතින අයදුම්කරුවන් සඳහාද ඔවුන්ගේ සුදුසුකම් ලැබීම් මත එම ගෙවීම් මේ මස 31 වැනිදා දක්වා ගෙවීමට පියවර ගෙන ඇති බවයි, ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.