අශෝක රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ ගැසට්ටුව නිකුත් කෙරේ
අශෝක සපුමල් රන්වල මහතා නිල වශයෙන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිවේදනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව යි.
ඒ අනුව දෙසැම්බර් මස 13 වැනිදා සිට අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූ බව එහි සඳහන්.
මේ අතර, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.
ඒ සඳහා විපක්ෂයෙන් ද නමක් යෝජනා කිරීමට නියමිත බවයි විපක්ෂනායකවරයා පැවසුවේ.
කථානායකධූරය සඳහා නම් තුනක් යෝජනා වී ඇති බවද සඳහන්.
එම ගැසට් නිවේදනය පහතින් දක්වා ඇත👇🏻