දෝහාහි ප්‍රගතියෙන් පසු ගාසා සටන් විරාම ගිවිසුම අවසන්

දෝහාහි ප්‍රගතියෙන් පසු ගාසා සටන් විරාම ගිවිසුම අවසන්

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛත්වය දුන් සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් ඵලදායී වීමට ඉතා ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මැදිහත්කරුවන් දෝහා හි පැවති සාකච්ඡා ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් කර ඇති අතර, ගිවිසුම අවසන් කිරීම සඳහා සාකච්ඡාකරුවන් අද නැවත හමුවීමට නියමිතයි.
මෙම ගනුදෙනුවට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමේ සැලැස්මක් පිළිබඳ විස්තර ඇතුලත් බව සඳහන්.
මැදිහත්කරුවන් ඊයේ ඊශ්‍රායලයට සහ හමාස් සංවිධානයට මෙම ගිවිසුමේ අවසාන කෙටුම්පත් ලබා දී තිබෙනවා.
මෙම සාකච්ඡා සඳහා අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ ජනාධිපති ධුරයට පත් වූ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාගේම නියෝජිතයන් සහභාගී වූ බව සඳහන්.

Share This