ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු කළ තවත් අපරාධයක් හෙළි වෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරු විසින් සිදු කළ තවත් අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණවී තිබෙනවා.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 13වැනිදා කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියට ඔහු සම්බන්ධ බව සඳහන්.
මෙය විදෙස්ගත සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ මෙහෙයවීමකින් සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරට විමර්ශන ආරම්භ කර තිබෙනවා.