කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ දෙදෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකු නිර්දේශ කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, බටහිර ඉන්දීය කොදෙව්හි ෂර්ෆන් රදෆෝඩ් සහ ඇෆ්ගනිස්ථානයේ අසමතුල්ලාහ් ඔමර්සායි යන ක්‍රීඩකයින් ඒ සඳහා නිර්දේශ කර ඇති බව සඳහන්.

වනිඳු හසරංග මේ වසරේ එක්දින ක්‍රිකට් තරගවලදී ලකුණු 87ක් ලබාගැනීමට සහ කඩුලු 26ක් දවාගැනීමටයි සමත්ව ඇත්තේ.

අසමතුල්ලාහ් ඔමර්සායි එක්දින ඉනිම් 12ක් තුළ ලකුණු 417ක් රැස්කරගෙන ඇති අතර කඩුලු 07ක් දවාගෙන තිබෙනවා.

ඉනිම් 17කදී කුසල් මෙන්ඩිස් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 742ක්.

බටහිර කොදෙව්හි ෂර්ෆන් රදෆෝඩ් ලකුණු 425ක් ලබාගෙන ඇති බව සඳහන්.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට මනාපය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීමටයි, ජගත් ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත්තේ.

Share This