ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ට නිදහස් ලකුණු
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්රදානය කිරීමට තීරණය කර තිබෙනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කර සිටිනවා.