ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යූහගත කිරීම ඉක්මණින් අවසන් කිරීමට ප්‍රංශය කැමැත්ත පළ කරයි

ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යූහගත කිරීම ඉක්මණින් අවසන් කිරීමට ප්‍රංශය කැමැත්ත පළ කරයි

ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (19) දින පවත්වා තිබේ.

ඒ, අමාත්‍යංශයේදීය.

ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන දුරදර්ශී ආර්ථික ක්‍රියාදාමය අගය කළ තානාපතිවරයා, ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට ප්‍රංශ රජය ඉතා කැමැත්තෙන් සිටින බව දන්වා සිටියේය.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යය ඉක්මණින් අවසන් කිරීමට අවශ්‍ය බැව් අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර දෙපාර්ශවයටම වාසිදායක අයුරින් එම කටයුතු නිම කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බව ද තානාපතිවරයා දන්වා සිටියේය.

Share This