නීතිවිරෝධිව ගෙන්වූ, ලක්ෂ 500ක කෘෂි රසායන තොගයක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙනා කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ (04)දා යාපනය වේලනෙයි – තුරේයුර් ප්‍රදේශයේදී යි.
නීතිවිරෝධීව කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ගෙන්වූ බවට යුද හමුදා බුද්ධි අංශවලට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර තිබුණා.
එලෙස පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගත් කෘමි නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 500ක්.
අදාළ කෘෂි රසායන ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් යාපනය කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයට අද (05) දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කමල් ශ්‍රී ලියනගේ