හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ, මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි කළ බවට චෝදනා කරමින් පසුගියදා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගත්තා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර සහ සරත් කුමාර එදිරිසිංහ සහ මිල්රෝයී පෙරේරා යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ඒ අනුව කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ ලේකම් සරත් කුමාර එදිරිසිංහ යන මහත්වරුන්ට ද විදෙස් ගමන් තහනමක් පැනවීමටයි කටයුතු කර ඇත්තේ.