මගේ නෝනාට අත තියන්න එන්න එපා..! – හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ජනපතිට අනතුරු අඟවයි

වත්මන් ආණ්ඩුව මැතිවරණයට පෙර ලබා දුන් කිසිදු පොරොන්දුවක් මේ දක්වා ඉටු කර නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින්ගේ හමුවකට එක්වෙමිනි.
තමන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පොරොන්දු දෙකක් ඉටු කළ බවත්, ඒ අනුව තමන් සහ සිය බිරිඳ බන්ධනාගාරගත කළ බවත් හෙතෙම අවධාරණය කළේ.
“ලැජ්ජයි ජනාධිපතිතුමනි. මාව හිරේ දැම්මාට කමක් නැහැ. මගේ නෝනාවත් හිරේ දැම්මා. මේක ද දේශපාලනය. අනුරාධපුරයේ හිටපු මහඇමතිතුමාවත් හිරේ දාලා තියෙනවා. චන්ද්‍රසේන ඇමතිතුමාගේ නෝනාවත් හිරේ දාලා තියෙනවා. තමුන්නාන්සේලා 88/89 කරපු දේවල්වලට හිරේ දාන්න නෙවෙයි, එල්ලුම් ගස් යවන්න ඔනේ. තමුන්නාන්සේලා රටට හොඳක් කරනවා නම් අපි තමුන්නාන්සේලා එක්ක ඉන්නවා. හැබැයි එහෙම නැත්නම් අපිටත් විකල්ප මාර්ගයක් ගන්න වෙනවා කියන පණිවුඩය අපි දෙන්න ඔ්නේ. ඒ නිසා මම ආණ්ඩුවට බනින්න යන්නේ නෑ. ප්‍රශ්නයක් නෑ. තමුන්නාන්සේලා ජනවරමක් ලැබිලා තිබෙනවා. ඒක ඉෂ්ඨ කරන්න. බැරි නම් බෑ කියන්න. නාමල්ට උදව් කරන්න අපි ඉන්නවා. මහින්ද මත්තයත් තාම ඉන්නවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙනුත්, අග්රාමාත්යතුමියගෙනුත්, ඒ පක්ෂයේ අයගෙනුත් ඉල්ලා සිටිනවා පළිගන්නේ නැතිව මේ රට හදන්න, තමුන්නාන්සේලා දුන්න පොරොන්දු ඉටු කරන්න. ඒ හින්ඳා අනුර කුමාර ජනාධිපතිතුමාට කියනවා, මා ආයේ හිරේ දාන්න. දහසැරයක් පහළොස්සැරයක් දාන්න, මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ නෝනාට අත තිබ්බොත්, මම කරන දේ මම දන්නවා.”