ගිනිඅවි සමඟ හිටපු පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට

හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ටී 56 ගිනි අවියක් මැගසින් දෙකක්ද උණ්ඩ 130, බෝර 12 ගිනි අවියක්, එම උන්ඩ 6ක් සන්තකයේ තබාගැනීම හේතුවෙන්.
මෙම ගිනි අවි ඇතුළු උණ්ඩ මන්ත්‍රීවරයාගේ පොල් ඉඩමක සඟවා තිබූ බව සඳහන්. සැකකරු හිටපු ජනපතිනියකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කලක් කටයුතු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්ම රත්න මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.