හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 17 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව හමුවට පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව තොරතුරු ලබාගැනීම සඳහායි.

චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේදී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත් කරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එම කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කළා.

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පසුගිය 10 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කිරීමටයි කටයුතු කළේ.

එමගින් අදාළ විමර්ශනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තොරතුරු දන්නා එහෙයින් ද එම සිද්ධියට මැදිහත්වීම හේතුවෙන් ඔහුට කැඳවීමක් සිදු කර ඇති බව සඳහන්.

Share This