හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබාදීම සඳහා රනිල් වික්‍රමසිංහට පෙනී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.
පසුගිය රජයේ මැති ඇමතිවරුන්ද මේ වන විට ප්‍රකාශ ලබාදී ඇති අතර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහගෙන් මෙම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
චන්දන ලක්මාල්