හිටපු ජනපති රනිල් යළිත් ඉන්දියාවේ සංචාරයක
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබන 22 වැනිදා ඉන්දියාවේ සංචාරක නිරත වීමට නියමති බවට තොරතුරු වාර්තා වනවා.
එහිදී ඔහු සුවිශේෂී හමුවීම් කිහිපයක් පැවැත්වීමට සැලැසුම් කර ඇති බව සඳහන්.
27 වැනිදා අතල් බිහාරි වජ්පායි අනුස්මරණ දේශනය රනිල් වික්රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතයි.
ඒ මහතා මෙවර සතියකට වැඩි කාලයක් ඉන්දියාවේ සංචාරය කිරීමට සැලැසුම් කර තිබෙනවා.
එහිදී එරට පෞරාණික ස්ථාන නැරඹීම සඳහා ඔහු කාලය වෙන් කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
මාස දෙකක් ඇතුළත හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දියාවේ සිදු කරන දෙවන සංචාරය මෙය වීමත් විශේෂත්වයක්.