හිටපු ජනපති රනිල් ලබන 25 වැනිදා අල්ලස් කොමිසමට

ඌව පළාත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක එරෙහි පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 25 වෙනිදා පෙ.ව. 9.30 අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නයි දන්වා තිබේ.
ඒ සඳහා පසුගිය 17 වෙනිදා උදෑසන 9.30 ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර එදින සහභාගී විය නොහැකි බව පසුව රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට දන්වා සිටියේය.
ඉන් අනතුරුවයි අද දින නැවත අල්ලස් කොමිසමෙන් දින ලබාදී ඇත්තේ.
චන්දන ලක්මාල්