කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීට ඇප හිමිවෙයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ සැකකරුව අද (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පැමිණිල්ල නැවත ජනවාරි මස 30 වනදා කැඳවීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.