හිටපු පා.ම මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පා.ම මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවුණා.

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසේ සිදුවු අනතුරක් හේතුවෙන් ඒ මහතා මෙලෙස රෝහල්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This