අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 2014 වසරේදී රුපියල් මිලියන 6.1 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවකට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.