හිටපු අමාත්‍ය පී.දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය පී.දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන පී.දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට 89 හැවිරිදි වියෙහි පසුවිය.

1977 වසරේදී අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි ඒ මහතා අමාත්‍යධුර රැසක් දරා ඇත.

1994, 2000, 2001, 2004 සහ 2010 වසරවලදී ද නැවත ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරු යටතේ අමාත්‍යධුර දරා තිබීමත් විශේෂත්වයකි.

පී.දයාරත්න මහතා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් සුවි‌ශේෂි සේවා රැසක් කළ අයෙක් ද වෙයි.

Share This