හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අමාත්‍යවරයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ, හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙනි.
රන් ආලේපිත මෙම ටී 56 වර්ගයේ ගිනිඅවිය පසුගිය අඟහරුවාදා (20) හමු විය.
ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අදාළව අනාවරණ වූ කරුණු මත හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව අත්අඩංගුවට ගැනිණි.